මාර්ග තදබදයට ස්ථිර විසඳුමක් ලෙස කොළඹට සුඛෝපභෝගී දුම්රිය සේවයක් ආරම්භ කරන බවත් බි්රතාන්යයන් විසින් දුම්රිය මාර්ග ආරම්භ කිරීමෙන් පසු මෙරට කි‍්‍රයාත්මක ප්‍රධානතම දුම්රිය සේවය මෙය බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පැවැසීය.
එසේම රජය හා පෞද්ගලික අංශය මැදිහත්ව සිදු කරන මෙම පරිසර හිතකාමී ප්‍රවාහන සේවය රටට අලුත් අත්දැකීමක බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“2035වන තෙක් කිසියම් දුරකට මේ මාර්ග තදබදය පාලනය කිරීම සඳහා කොළඹ සහ අවට ප්‍රදේශවල සැහැල්ලූ දුම්රිය පද්ධතියක් අවශ්‍යයි. ඒ සඳහා කොරිඩෝ 7 ක් හඳුනාගනු ලැබුවා. ඒ හතෙන් කඩුවෙල, මාලඹේ, බත්තරමුල්ල, බොරැල්ල හරහා පිටකොටුව කි.මි. 15.3 ක් සහ එතැනින් කොල්ලූපිටිය දක්වා යන ලෙස කොරිඩෝ දෙකක් දැනට ජපාන රජයත් සමග එකඟතාවකට පැමිණ තිබෙනවා.
එහි පළවෙනි පියවර අවසන් කර තිබෙනවා. කඩුවෙල සිට මාලබේ, බත්තරමුල්ල හරහා කොටුව දක්වා සැහැල්ලු දුම්රිය පද්ධතිය පිළිබඳව එකඟතාව ඇති කරගෙන තිබෙනවා. ඒ සම්බන්ධ ණය ගිවිසුම ලබන වසරේදී අත්සන් කරනවා. ඉන් අනතුරුව කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීමෙන් පසු ලබන වසර අග භාගය වනවිට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරෙත්තු වෙනවා.
තවත් මාර්ග 5 ක් තිබෙනවා එම මාර්ග 5 සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක් කිරීමට යෝජනා කළ අතර, ඒ සඳහා කොරියාවේ සෙං යං ආයතනය තරඟකාරි පදනමෙන් තෝරාගනු ලැබුවා. එම මාර්ග 5 වැඩකටයුතුත් 2018 අගභාගයේ පටන්ගැනීමට අප කටයුතු කරනවා. මෙය අති විශාල ව්‍යාපෘතියක්.
ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ මෙය සාර්ථක කර ගතහොත් ප්‍රධාන ඉදිරි පිම්මක් ඊළඟ වසර 5 දී අපට ලැබෙනවා. 2023 වන විට මේ කි‍්‍රයාවලිය අවසන් වෙනවා.” යැයි පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේය.