කොළඹ නගරය තුළ මොනෝරේල් මාර්ග පද්ධතියක් ආරම්භ කරන්නේ නම් ඒ වෙනුවෙන් සම්බන්ධ වීමට බලාපොරොත්තු වන බව මොනෝරේල් නිෂ්පාදනයේ ලොව ප්රමුඛතම සමාගමක් වන හිටාචි මොනෝරේල් සිස්ටම් සමාගම පවසා සිටියේය.
ජපාන ආග්රාමාත්යවරයා සමග මෙරටට පැමිණි එරට ඉහළ පෙළේ ව්යාපාරික දූත පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (07දා) රාත්රී කොළඹ, සිනමන් ග්රෑන්ඩ් හෝලයේ පැවති ජපාන-ශ්රී ලංකා ව්යාපාරික සමුළුවේදී මෙම අදහස් පළ විය.
මොනෝරේල් යනු පරිසරහිතකාමී මෙන්ම, කාර්යක්ෂම ප්රවාහන ක්රමවේදයක් බව එම ව්යාපාරික දූත පිරිස සමග පැමිණි හිටාචි මොනෝරේල් සිස්ටම් සමාගමේ නියෝජිතයා මෙහිදී අවධාරණය කළේය.