කොළඹ නගර සභාවේ සේවකයන් නගර සභාව වෙත කැඳවීම හේතුවෙන් කොළඹ නගර සභාවේ සේවා බොහෝමයක් අඩාල වී ඇති බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් බොරැල්ල කනත්ත, ගිනි නිවීමේ අංශ ඇතුළු හදිසි සේවා අක්රිය වී තිබේ. කොළඹ නාගරික කොමසාරිස් ලෙස කටයුතු කරන වී.කේ. අනුර මහතාට එම ධුරයෙන් ඉවත්කිරීමට එරෙහිව කොළඹ නගර සභාවේ සේවකයන් පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් සේවකයන් කොළඹ නගර සභාව වෙත කැඳවා තිබුණි.