කොළඹ කොටුව හා මාතලේ අතර ගමන් කරන මගීන්ගේ පහසුව සදහා එළඹෙන 20 වැනිදා සිට නව දුම්රියක් ධාවනය කරවීමට නියමිතය.
සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව 02.20ට පිටත්වන දුම්රිය ප.ව 07.13ට මාතලේ දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිත අතර, සෑම සෙනසුරාදා හා සඳුදා දිනවල මාතලේ දුම්රිය ස්ථානයෙන් පෙ.ව 06.40ට පිටත්වන දුම්රිය පෙ.ව 11.15ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතය.