ඉන්දීය ධීවර නියෝජිතයන් හා ශ්‍රී ලංකා ධිවර නියෝජිතයන් අතර කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි වටයේ ධීවර සාකච්ඡා තමිල්නාඩු මහ ඇමතනී ජයලලිතා ජයරාම්ගේ රජය විසින් කඩාකප්පල් කළ බව ඉන්දීය මධ්‍යම රජයේ නාවික අමාත්‍ය ජී.කේ. වාසන් මහතා පැවැසීය.
ඉන්දීය මහ මැතිවරණය අරමුණු කරගනිමින් කොංග්රස් පක්ෂය සංවිධානය කළ රැළියක් අමතමින් වාසන් ඇමතිවරයා ඉහත අදහස් ප්‍රකාශ කළේය. එසේම චෙන්නායි නුවරදී පසුගිය ජනවාරි මස 27 වැනිදා පැවැති පළමු වටයේ සාකච්ඡා වලින් පසුව කොළඹදී පැවැත්විමට නියමිතව තිබු දෙවැනි වටයේ සාකච්ඡා සාර්ථක වූවානම් දෙරට අතර පවතින ධීවර ගැටලුවට සාර්ථක විසඳුමක් ලබා ගැනීමට අවස්ථාවක් පැවැති බවද ඇමතිවරයා තවදුරටත් පැවැසීය.