කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර හා අධ්‍යාපන පීඨවල ඉගෙනුම ලබන දෙවන සහ තුන්වන වසරවල සිසුන්ට හෙට සිට සතියක නිවාඩු කාලයක් ප්‍රකාශයට පත්කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව මැතිවරණයෙන් පසුව එම සිසුන්ට නැවත පැමිණෙන්නැයි දන්වා තිබේ.
කෙසේ වෙතත් ශාස්ත්‍ර හා අධ්‍යාපන පීඨවල පළමු වසරේ සිසුන්ට සහ කළමනාකරණ, නීති හා විද්‍යා පීඨවල සිසුන්ට මෙම නිවාඩුව බලනොපාන බව එහි සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පැවසුවාය.