කොළඹ නගරයේ තම රජය කළ සංවර්ධනය නිසි ලෙස පවත්වාගෙන යාම වත්මන් ආණ්ඩුවේ වගකීම බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මාස්ටර්කාඩ් ආයතනය විසින් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන නගරය ලෙස කොළඹ නම් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කරයි.
යුද්ධය ජයගැනීමෙන් පසුව කොළඹ සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ බවත් දැන් එයට ජාත්‍යන්ත පිළිගැනීමක් ලැබී තිබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිට ඒ සඳහා දායක වූ සියල්ලන්ටම ස්තූතිය ප්‍රකාශ කරන බවත් ඔහු තම නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.