කොළඹ වරායේ ප්‍රතිඅපනයන මෙහෙයුම් හෙවත් ප්‍රතිනැව්ගත මෙහෙයුම් ධාරිතාවේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
පසුගිය වසරේ (2017) ජනවාරි මාසයට සාපේක්ෂව එය 20.4%ක වර්ධනයකි. එම මාසය තුළ ප්‍රතිනැව්ගත බහලු මෙහෙයුම් 362,451ක් මෙහෙයුම් කර ඇති අතර, 2018 වර්ෂයේ ජනවාරි මස ප්‍රතිනැව්ගත බහලු මෙහෙයුම් 436,303ක් සිදුකර ඇත.
මේ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තය සමග, SAGT පර්යන්තය සහ CICT පර්යන්ත සුසංයෝගයද එක්ව තිබේ. ජයබහලු පර්යන්තය (JCT) පසුගිය වසරේ ජනවාරි මස ප්‍රතිනැව්ගත බහලු මෙහෙයුම් 114,282ක් සිදු කළ අතර, එය මෙම වසරේ ජනවාරි මස 164,252කි. එනම්, ප්‍රතිශතයක් ලෙස 43.7%ක වර්ධනයකි.
ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ බහලු මෙහෙයුම් ධාරිතාවද පසුගිය වසරේ ජනවාරි මසට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මස වර්ධනයක් පෙන්නුම් කරයි.
2017 වර්ෂයේ එය අඩි 20 සම ඒකක බහලු 156,010ක් වූ අතර, 2018 වර්ෂයේ එය අඩි 20 සම ඒකක බහලු 194,688ක් හෙවත් 24.8%ක ප්‍රතිශතාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි.
සමස්ත කොළඹ වරාය පසුගිය වසරේ ජනවාරි මස අඩි 20 සම ඒකක බහලු 484,866ක් මෙහෙයුම් කර ඇති අතර, මෙම වසරේ ජනවාරි මස අඩි 20 සම ඒකක බහලු 564,155ක් මෙහෙයුම් කර තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 16.4%ක වර්ධනයකි.
පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ කොළඹ වරායට නෞකා පැමිණීමෙහිද වර්ධනයක් පෙන්නුම් කරයි.
බහලු නෞකා, සාම්ප්‍රදායික නැව් බඩු නෞකා සහ අනෙකුත් නෞකාවන් සහ නෞකා අලුත්වැඩියාව හා නැංගුරම් කිරීම්වලද පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී 8.1%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. එය සංඛ්‍යාත්මකව 359 සිට 388 දක්වා වර්ධනයකි.
එමෙන්ම පසුගිය වසරේ ජනවාරි මස කොළඹ වරායට පැමිණි බහලු නෞකා සංඛ්‍යාව 304ක් වූ අතර, එය මෙම වසරේ ජනවාරි මස 332කි. එය ප්‍රතිශතයක් ලෙස 9.2%ක වර්ධනයකි.
එමෙන්ම, මේ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් තුන් අවුරුදු සංවර්ධන සැලැස්මක් සකස් කර ඇති අතර, ඒ මගින් ඉදිරි කාලය තුළදී සංවර්ධන කටයුතු වඩාත් වේගවත්ව ඉදිරියට ගෙන යෑම හා බහලු මෙහෙයුම් තවදුරටත් ඉහළ නංවමින් කොළඹ වරාය ආසියාවේ කේන්ද්‍රීය වරායක් බවට පත්කිරීම අරමුණු කර ඇත.