ඇල්ෆා ලයිනර් වාර්තාවලට අනුව 2018 පළමු කාර්තුවේ වර්ධනය සියයට 16.2ක් බවත්, එය දෙවැනි වන්නේ සියයට 16.5ක වර්ධනයක් ලබාගෙන ඇති සිංගප්පූරු වරායට පමණක් බවත් වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙය 2006 වසරට සාපේක්ෂව ගත්කල 8.3%ක වර්ධනයක් බවත්, මෙහි තෙවැනි ස්ථානයේ පසුවන චීනයේ සියාමෙන් වරාය 11.6%ක වර්ධනයක් හා සිවුවැනි ස්ථානයේ පසුවන බෙල්ජියමේ ඇන්ට්වීප් වරාය 10.7%ක වර්ධනයක් මෙන්ම පස්වැනි ස්ථානයේ පසුවෙන චීනයේ නින්ග්බෝ වරාය සියයට 10.4%ක වර්ධනයක් අත්කර ගෙන ඇති බවද වරාය අධිකාරිය පවසයි.
2017 වසරේදී කොළඹ වරාය බාහාලු මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂී සන්දිස්ථානයකට එළෙඹෙමින් බහාලු මෙහෙයුම් මිලියන 6.2ක සීමාව ඉක්මවීමට සමත්ව ඇති අතර, Drewry වරාය සම්බන්ධිත දර්ශකය අනුව කොළඹ වරාය විශිෂ්ටතම සම්බන්ධිත වරායන් 20 අතර 13 වැනි ස්ථානයට පත්විය. එම දර්ශකයට අනුව කොළඹ වරාය ආසියාවේ විශිෂ්ටතම සම්බන්ධිත වරාය බවටද නම්විය.