ලොව වරායන් වර්ගීකරණයේදී කොළඹ වරාය 23 වැනි ස්ථානය දක්වා ඉහළ නැග ඇති බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා වරාය අධිකරියේ ප්රගමනය සඳහා ජය බහාලූ , සී. අයි.සී.ටී හා එස්. ඒ.ජී.ටී යන පර්යන්තයන් එක්ව බහාලූ මෙහෙයුම් සිදුකිරීම සඳහා වන සාමුහික ගිවිසුම් අත්සන් කිරීම හා ශ්‍රී ලංක වරාය අධිකාරියේ ප්‍රගතිය සම්බන්ධව අද (14දා) වරාය අධිකාරියේදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
එහීදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
“ලෝකෙයේ ලොකුම වරායන් 50 අතරින් 23 වැනි ස්ථානයට කොළඹ වරාය ගේන්න අපි සමත්වෙලා තියෙනවා. මේක තක්සේරු කරන්නෙ ගනුදෙනු කරන බහාලුම් ප්‍රමාණය අනුව. එහිදී දකුණු ආසියාවේ වෙනත් කිසිම වරායකට වඩා කොළඹ වරාය ඉදිරියන් ඉන්නවා. එහිදී 2017 අග වෙනකොට බහාලුම් මිලියන 6ක් ලබාගැනීමට අපි සමත් වෙලා තියෙනවා” යැයි පැවසීය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ