කොළඹ වරාය චීනයට පවරා ඇති බවත් රාජ්‍ය ආයතන ණය උගුලකට හසුකර ජනතාව මත බදු බර පටවා තිබෙන බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චමිපික රණවක මහතා පැවැසීය.
පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයේ අද (24දා) පැවති ‘‘ආර්ථික විග්‍රහය’’ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"2013 පොලිය වෙනුවෙන් ගෙවූ මුදල මිලියන 462 යි. ගිය වසරේ ගෙවීමට තිබු සමස්ත ණය මුදල මිලියන 6,976යි. සෑම ක්ෂේත්රයක්ම වර්ධනය කරනවා යැයි සඳහන් කරමින් ණය ලබා ගන්නවා. ජනාධිපති මුදල් අමාත්‍යංශයෙන් ණය බර අඩු කරා යැයි සඳහන් කරත්, එය සිදුකර තිබෙන්නේ රජයේ විවිධ ආයතනවලට බෙදාහැරීමෙන්. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 421 ක්, ලංකා විදුලිබල මණ්ඩලයට බිලියන 48, මහජන බැංකු ඩොලර් බිලියන් 1500 ක්, ලංකා බැංකුව ඩොලර් බිලියන 50 ක් ලෙස ණයයි. මෙලෙස රාජ්‍ය ආයතන ණය උගුලකට හසුකර ජනතාව මත බදු බර පටවා තිබෙනවා. තෙල් වලට අධික බදු මුදලක් අය කරනවා. කොළඹ වරාය දැනටමත් චීනයට පවරලා. මේක භයානක මුදල් සූදුවක්."