කොළඹ නගරයේ දැනට සිටින යාචකයන් 9000 දෙනා ළඟම ජංගම දුරකථන තිබෙන බවට තමන් කළ සමීක්ෂණයකින් අනාවරණය වූ බව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රාජගිරිය ගෝතමී පාරේ පිහිටි සදහම් සෙවණේදී අද (09දා) පැවැති සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවයකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා,
“අද වනවිට ලංකාවේ ස්මාර්ට් ෆෝන් මිලියන 06 ක් පමණ පවතිනවා. ෆේස්බුක් ගිණුම් ලක්ෂ 27 ක් තිබෙනවා. කොළඹ නගරයේ යාචකයන් 9000 ක් පමණ සිටිනවා. අප කළ සමීක්ෂණයකට අනුව මෙම යාකචකයන් 9000 දෙනාටම ජංගම දුරකථන තිබෙනවා.* යැයි පවසා සිටියේය.