තම නිල රථයෙන් ඊයේ (26දා) සවස ගමන්කරන අවස්ථාවේදී මහරගම පොලීසියේ රථවාහන පොලිස් ඒකකයයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු වාහනය නවතා තමන් මහේස්ත්රාත්වරයෙකු යැයි පවසා සිටියදීත්, අපහාසාත්මකව බැනවැදී අයුතු අවහිරයක් කළ බවට කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා විසින් පොලිස්පතිවරයාට, ශ්රී ලංකා නීතීඥ සංගමයට, අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ ශ්රී ලංකා විනිසුරුවන්ගේ සංගමයට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මිරිහාන පොලීසියේ විශේෂ විමර්ශන ඒකකයට අනුයුක්ත නුගේගොඩ සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ විශේෂ විමර්ශනයක් සිදුකරන බවද වාර්තා වේ.