කොළඹ බැනර් හා කටවුට් ප්‍රදර්ශනය සඳහා දඩි නීති
කොළඹ සහ තදාසන්න නාගරික බල ප්‍රදේශවල කිසිදු අවසරයකින් තොරව බැනර් සහ කටවුට්ප්රදර්ශනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ අනුව නගර සභාවට නියමිත ගාස්තු ගෙවා අවසර ලබාගැනීමකින් තොරව බැනර් සහ කටවුට් එල්ලන්නේ නම් එම දැන්වීම හිමි පුද්ගලයා සහ එම දැන්වීම ඇලවීමට දායක වූ ආයතනය හෝ පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනු ඇත.
කැළිකසළ බැහැර කිරීම සම්බන්ධයෙන් වන ප්‍රගති සමාලෝචනය ඊයේ රාත්‍රියේ කොළඹ මහ නගර සභා පරිශ්‍රයේ පැවැති අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
විවිධ ආයතනහා පුද්ගලයන් කොළඹ සහ තදාසන්න නාගරික බල ප්‍රදේශවල පෝස්ටර් ඇලවීම සඳහා ස්ථාපිත කර ඇති පුවරු නොසලකා මග දෙපස තාප්පවල පෝස්ටර් ඇලවීමට කටයුතු කිරීමදනීති විරෝධී සහ පරිසරයට සිදු කරන හානි සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්නැයිද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මේ පිළිබඳ අද (25දා) සිට දින 14 ක කාලයක් නිවැරදිව දැනුවත් කිරීමට ලබාදෙන ලෙසත්, ඉන් අනතුරුව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

