හෙට (20දා) පැය 8 කාලයක් කොළොන්නාව පොම්පාගාරයේ සිට ජලය ගෙන යන නළයක අලූත්වැඩියාවක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන වාර්තා වේ. හෙට රාත්‍රී 8 සිට මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, රාජගිරිය සහ නාවල ආදී ප්රදේශවලටයි. එමෙන්ම රාජගිරියේ සිට නාවල පාරේ විවෘත විශ්වවිද්‍යාලය දක්වාත්, පොල්දූව මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ගවලටත් මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර කොටා පාර, කාසල් වීදිය, ලේක් ඩ්‍රයිව් ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව වැඩි දුරටත් වාර්තා වේ.