කොළඹ නාගරික කොමසාරිස් ඉවත්කිරීමේ තීරණයේ වෙනසක් නෑ
මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධව පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ නාගරික කොමසාරිස්වරයා එම ධුරයෙන් ඉවත් කළයුතු බවට ඉදිරිපත් කර ඇති නිර්දේශය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(05දා) පෙරවරුවේ තමන් සමග පැවසූ බව හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා පැවසීය.
කොළඹ නාගරික කොමසාරිස් වී.ඒ.කේ.අනුර මහතා සිදුකර ඇති දූෂණ, වංචා සම්බන්ධව තමන් අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කරුණු පෙන්වා දුන් බවත්,ජනාධිපති කොමිසමේ නිර්දේශ නොසලකමින් කොමසාරිස්වරයා එම ධුරයේ රැඳී සිටින බවත් කහඳගම මහතා කීවේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අරලියගහ මන්දිරයේ උපදෙස් අනුව නාගරිකකොමසාරිස්වරයා කටයුතු කරන බවත්,නාගරික කොමසාරිස්වරයාට සහාය පළකරමින් අද පැවැත්වූ උද්ඝෝෂණය සඳහා අසත්‍ය කරුණු පවසා සේවකයන් ගෙන්වා තිබුණු බවත්ය.මේ හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ සුළු කම්කරුවන් ඇතුළු සියලු සේවකයන් වැඩවර්ජනයක් සිදුකර තිබෙන බවද ඔහු කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


