අක්ෂි කාච සහ හෘද ප්‍රතිකාර සදහා ස්ටෙන්ස් ලබාගැනීමට රජයේ රෝහල්වලට පැමිණෙන කිසිදු රෝගියෙකුගෙන් වෛද්‍යවරු විසින් මුදල් අය කර ගැනීම තහනම් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ සදහා වූ චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාට ඊයේ (11) පස්වරුවේ අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
එසේම කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය ඉදිරිපිට ස්ටෙන්ස් අලෙවි කරන සමාගම්වල නියෝජිතයින් සිටින බවට ලැබුණ තොරතුරකට අනුව අමාත්‍යවරයා ඒ පිළිබද විවර්ශණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශණ ඒකකයට දැනුම් දෙන ලදි.
එසේම ස්ටෙන්ස් අලෙවිකරන සමාගම්වල නියෝජිතයින්ට හෘද රෝග ඒකක භූමියට ඇතුලුවීම තහනම් කර තිබේ.