කෝට්ටේ, කැස්බෑව, කිරුළපන ඇතුළු කොළඹ ප්‍රදේශ කිහිපයක නතර කර තිබූ ජල සැපයුම අද සවස 3.30 සිට යළි ආරම්භ කළ බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී බී.ඩබ්ලිව්.ආර්. බාලසූරිය මහතා සඳහන් කළේය.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය බෙදාහැරෙන නළයක ඇතිවූ පිපිරීයාමක් අලුත්වැඩියා කර අවසන් වනවිට සවස 1.30 පමණ වූ බවත්, එතැන් සිට ජලය පොම්ප කිරීම සිදුකළ බවත් සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් සමහර උස් ප්‍රදේශවලට ජලය සෙමෙන් ගමන් කරන බවට වාර්තාවන බව පැවසූ ඒ මහතා රාත්‍රී 10.00 පමණ වනවිට එම තත්ත්වය පහව යනු ඇතැයි ද කියා සිටියේය.