කොළඹ කුණු වරාය නගරයේ උද්‍යානයට
කොළඹ නගරයේ එකතුවන දිරාපත්වන කසළ වරාය නගර ව්‍යාපෘතිය තුළ ඉදිවන උද්‍යානය සඳහා යොදා ගන්නා බවත් පසුගිය මාස 6 තුළ කොළඹ සහ අනෙකුත් නගර වල කසලින් රුපියල් මිලියන 300 ක ධනයක් උපයා ඇති බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසිය.
රත්මලානේ පැවැති විවෘත කිරීමකට ඊයේ (27දා) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“කොළඹ නගරය ඇතුළු අනෙකුත් තදාසන්න නගරවල කසළ ගැටළුවට ඉදිරි වසර 80 ක් දක්වා විසඳන්න රජයේ අරමුදල්වලින් ම එම අවශ්‍ය ඉදිකිරීම් සිදු කරගෙන යනවා. එය කොළඹ නගර සභාවේ වගකීමත් වුවත් එය ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත අප විසින් විසඳන්න අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා. එහි පළමු පියවර මේ නොවැම්බර් මාසයේ අවසන් වන බව අප සඳහන් කළ යුතුයි.
පසුගිය මාස 6 තුළ කොළඹ නගරයේ ඇතුළු අනෙකුත් නගරවල කසළ වලින් කොම්පෝස්ට් පොහොර සහ ප්රතිචක්රීයකරණ ද්‍රව්‍ය ලෙස දසලක්ෂ තුන්සියයක ධනයක් උත්පාදනය කර තිබෙනවා. ඒ වගේම කොළඹ නගරයේ ඉදිරියේදී එකතුවන දිරායන කසළ තුළින් වරාය නගරය තුළ ඉදිවන උද්‍යානය ගොඩනගන්න පාවිච්චි කරන බවද සඳහන් කරනවා. නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මගින් මීතොටමුල්ල කසල කන්ද තිබෙන ප්‍රදේශය විධිමත් සංවර්ධනයකට යටත් කරන්නත්, බ්ලූමෙන්ඩල් කසල කන්ද ප්‍රදේශය රේගු අංශයේ වැඩකටයුතු සඳහා මෙරට ප්‍රධානම රේගු මධ්‍යස්ථානය ඉදිකිරීමටත් බලාපොරොත්තු වෙනවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


