ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට උදේ 8.00 දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකළ මෙහෙයුම්වලින් අවිධිමත් ලෙස කසළ බැහැර කළ පුද්ගලයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිසෙන් 33 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේදී වන අතර අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ගල්කිස්ස මහනගර සභා බලප්‍රදේශය තුළදීය. මෙම පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථානවල පොලිස් ඒකකවලට භාර දී තබේ.
මෙම මෙහෙයුම ආරම්භ කළ ජූනි 15 වන දා සිට අද (20දා) උදේ 08.00 දක්වා කාලය තුළදී මේ වනවිට පුද්ගලයන් 822ක් අත්අඩංගුවට ගෙන තිබේ.