විරෝධතා පාගමනක් හේතුවෙන් අද (02දා) කොළඹ කොටුව, බැංකු මාවත හා ලෝටස් මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතී.
මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම බලප්‍රදේශය තුළ මහජනතාවට හා රියදුරන්ට අනතුරක් බාධාවක් ඇතිවන පරිදි පෙලපාළි හා උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් අද (02දා) තහනම් නියෝගයක්ද නිකුත්කර තිබේ.
ඒ අනුව එම තහනම් නියෝග අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරුට හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කම්ටුවේ කැඳවුම්කරු ඇතුළු 13දෙනෙකුට යවා තිබේ.