(UPDATE) කුරුණෑගලදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු උඩුනුවරදී පොලිස් වෙඩිපහරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
පොලිස් කණ්ඩායමකට ගිනිඅවියක් පෙන්වීමට ගොස් ඇතිවූ ගැටුමකින් පසුව සැකකරු මියගොස් තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.