මැදින් පොහෝය දවසේ තම නිවසේ ගසකින් කොස් ගෙඩියක් කඩා එය කැපීමට ලොකු තාත්තාගෙන් සහ ඔහුගේ පුතාගෙන් පිහියක් ඉල්ලූ පුද්ගලයෙකු එය නොදුන්නැයි කියා ඇති කරගත් ආරවුලක් දුරදිග යෑමෙන් මිනිස් ඝාතනයක් සිදුවී ඇති බව අද (02දා) මාවනැල්ල පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, වැලිගල්ල මාවනැල්ලේ පදිංචි දෙදරු පියෙකු වන තල්ගමුවලාගේ නෙවිල් සෙනෙවිරත්න (අවු.58) නමැත්තෙකි.
මිය ගිය අයට පහරදි ඇති සැකකරු ටෙලිසන් විජේ කුමාර නැමැති 45 හැවිරිදි එම ලිපිනයේම පදිංචි අයෙක් වන බව පොලීසිය පැවසීය.
සැකකරුගේ නිවස ඉදිරිපිට ඇති කොස් ගසකින් කොස් ගෙඩියක් කඩා එය කැපීම සඳහා මිය ගිය අයගෙන් සහ ඔහුගේ පියාගෙන් මෙම සැකකරු පිහියක් ඉල්ලා ඇති අතර එය නොදීම හේතුවෙන් ආරවුල දුරදිගයෑමෙන් මෙම ඝාතන සිදුවී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය විය.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර