කොස්, ක්රෝටන් හා තණකොළ නිසා දකුණු ප. සභාව උණුසුම්
දකුණු පළාත් සභාව අද (24දා) රැස්වූ අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සංධානමන්ත්රීවරුකොස් කොළ සහ ක්රෝටන් කොල සභාවට ගෙන ඒමත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රී වරයකු ඊට ප්රතිචාර ලෙස තණකොළ මිටක් සභා ගැබට ගෙනඒමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත විණි.
අදපෙරවරුවේ දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්රධානත්වයෙන් සභාව රැස්වූ අවස්ථාවේ මෙම උණුස්ම්කාරී තත්ත්වය ඇති විය.
දකුණු පළාත් සභා මන්ත්රී චන්න සාලිය මෙන්ඩිස් (එ.ජ.නි.ස.) මහතා කොස් කොළ මාලයක් පැලඳගෙන සභාගැබට පැමිණියේය.
මේ අතර දකුණු පළාත් සභා මන්ත්රී ඒ.ජී.සී. පියසිරි (එ.ජ.නි.ස.) මහතා සභාවේ සිටි ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්රීවරුන්ට ක්රෝටන් කොළ බෙදාදෙනු දැකිය හැකි විණි.
ඉන් අනතුරුව අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්රී අශෝක ධනවංශ ද සිල්වා මහතා සභාගැබට කොස් කොළ ගෙන ආ අය දියයුත්තේ තණකොළයැයි තණ කොළ මිටක් ප්රදර්ශනය කරමින් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.






