කොල්ලුපිටියේ රවීගේ සුපිරි නිවසේ කුලිය අර්ජුන් ඇලෝසියස් ගෙවලා
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලොස්සියස් මහතා විසින් බදු පදනම මත ලබාගෙන අමාත්‍ය රවි කරුණානායක මහතාට කොල්ලුපිටියේ ‘මොනැක් එපාර්ට්මන්ට්’ එකෙන් නිවසක් ලබාදුන් බවත් ඉන් ටික කාලයකට පසුව අමාත්‍ය රවි කරුණානායක මහතා රුපියල් කෝටි 16 1/2කට එම නිවස මිලදී ගත් බවත් ‘ඊස්ට් වෙස්ට්ප්රොපර්ටීස්' ආයතනයේ අධ්‍යක්ෂිකා එම්.ඒ. විනෝදනී මහත්මිය බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (24දා) හෙළි කළාය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා විසින් කොල්ලුපිටියේ ‘මොනැක් එපාර්ට්මන්ට්’ හි තිබූ සිය නිවස මාස 06ක කාලයකට බදු පදනම යටතේ ලබාගත්තේ රුපියල් කෝටියකට අධික මුදලකට යැයිද විනෝදනී මහත්මිය වැඩිදුරටත් හෙළි කළාය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.
ප්‍ර. - ඔබට කොල්ලුපිටියේ ‘මොනෑක්’ තට්ටු නිවාස සංකීර්ණයේ නිවසක් තියෙනවාද?
පිළි. - ඔව්. එහි ලිපිනය ‘5 පී.එච්.2.
ප්‍ර. - ඔබ එය මිලදී ගත් එකක්ද?
පිළි. - ඔව්. මා එය සුසන්ත රත්නායක මහතාගෙන් මිලදී ගත්තා.
ප්‍ර. - ඔබ එම නිවස මිලදී ගත් පසු එම නිවස ප්‍රතිසංස්කරණය කළාද?
පිළි. - ඔව්. මා රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් වියදම් කොට එම නිවස ප්‍රතිසංස්කරණය කළා.
ප්‍ර. - ඔබ රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් වියදම් කොට එම නිවස ප්‍රතිසංස්කරණය කළ පසුව එහි පදිංචිව සිටියාද?
පිළි. - ඔය කියන කාලය ඒ කියන්නේ 2010 ජනවාරි මාසයේදී පමණ වැලිගම ව්‍යාපෘතිවලට නිතර නිතර මට එහි යන්න සිදුවුණා. ඒ නිසා මේ නිවස බදු දීමට මට අවශ්‍ය වුණා. ඒ බව මා මාගේ අයියට කිව්වා.
ප්‍ර. - ඊට පස්සේ මොකද වුණේ?
පිළි. - රවි කරුණානායක මහතා නිවසක් සොයන බව අයියා මට දැනුම් දුන්නා. ඉන්පසු අවස්ථාවක රවි කරුණානායක මහතාගේ බිරිඳ වන මේලා කරුණානායක මහත්මිය මට දුරකථානයෙන් කතා කළා.
ප්‍ර. - ඇය ඔබ සමග දුරකතනයෙන් කතා කළා පමණද?
පිළි. - නැහැ. ඇය කතා කළ පසු අවස්ථාවකදී මේ නිවස බලන්න ආවා.
ප්‍ර. - මේලා කරුණානායක මහත්මිය නිවස බලන්න ආවේ තනියමද?
පිළි. - ඔව්. මේලා කරුණානායක මහත්මිය ඇවිත් නිවස හා එහි කාමර බැලුවා. ඉන්පසු කරුණානායක මහත්මිය කිසිවෙකුට හෝ දුරකථන ඇමතුමක් ගත්තා.
ප්‍ර. - ඇය දුරකථන ඇමතුම ගත්තේ කාටද කියා ඔබ දන්නවාද?
පිළි. - නැහැ. එම දුරකථන ඇමතුම ගත් පසු ඇය මට කතා කර යහළුවෙක් එනවා කියා කිව්වා.
ප්‍ර. - ඒ යහළුවාගේ නමක් කිව්වාද?
පිළි. - නැහැ.
ප්‍ර. - ඒ යහළුවාඔබගේ නිවසට ආවාද?
පිළි. - ඔව්.
ප්‍ර. - ඔහු කවුද?
පිළි. - අර්ජුන් ඇලෝසියස්.
ප්‍ර. - ඔහු ආවේ තනියමද?
පිළි. - ඔව්.
ප්‍ර. - ඔහු දුටු විට ඔබට මොකද හිතුණේ?
පිළි. - මා පුදුමයට පත්වුණා.
ප්‍ර. - ඔබගේ නිවසට පැමිණි අර්ජුන් ඇලෝසියස්ට අවශ්‍ය වුණේ කුමක්ද?
පිළි. - මාගේ නිවස කුලියට ගන්න ඕන වුණා. මෙම නිවස කුලියට ගන්න දින කිහිපයක් අවශ්‍ය බව කිව්වා. ඊට පසු ඔවුන් යන්න ගියා.
ප්‍ර. - පසුව ඔබ අර්ජුන් ඇලෝසියස්ට කතා කළාද?
පිළි. - ඔව්. මාගේ අවසාන තීරණය මා ඔහුට දැනුම් දුන්නා.
ප්‍ර. - ඒ කියන්නේ මේක ත්‍රිපාර්ශ්වික ගිවිසුමක්.
පිළි. - ඔව්.
ප්‍ර. - මෙහිදී සිදුවුණේ කුමක්ද?
පිළි. - අර්ජුන් ඇලෝසියස් මේ නිවස මගෙන් බද්දට අරගෙන රවි කරුණානායක මහතාගේ පවුලට පදිංචිවීම සඳහා දුන්නා.
ප්‍ර. - මෙම නිවස ඔබගෙන් බදු ගත්තේ කොපමණ කාලයකටද?
පිළි. - මාස 06කට.
ප්‍ර. - කොපමණ මුදලකටද?
පිළි. - රුපියල් මිලියන 10.2කට.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

