මෑත ඉතිහාසයේ දකුණු කොරියාවට ශ්‍රමිකයින් විදේශගත වූ වැඩිම වර්ෂය ලෙස 2016 වර්ෂය හැඳින්විය හැකි බවත් එය ප්‍රමාණාත්මකව 6635 වන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
ඇය මෙම අදහස් ප්‍රකාශ කලේ, ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා හිමි ශ්‍රමිකයින් 19 දෙනෙකු සඳහා ගුවන්ටිකට්පත් ලබා දීමේ අවස්ථාවකට එක්වෙමිනි.
මෙහිදී 2015 වර්ෂයේ දී දකුණු කොරියාව සඳහා ශ්‍රමිකයින් 5006 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර 2016 වර්ෂයේදී එය 1529 ක ප්‍රමාණයකින් වැඩි වී තිබේ. එසේම 2017-08-09 වන දින වන විට ශ්‍රමිකයින් 2134 දෙනෙකු දකුණු කොරියාවට පිටත්ව ගොස් ඇත.