ඉකුත් 01 හා 02 යන දෙදින කොළඹදී පැවැති කොරියානු භාෂා ප්රවීණතා විභාගයේ ප්රතිඵල ඔක්තෝබර් මස 12 වැනිදා නිකුත් කිරීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිවේදනය කරයි.
එම විභාගයේ ප්රතිඵල www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ වෙයි. ප්රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව නිපුණතා පරීක්ෂණය නොවැම්බර් 17 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
එසේම ඇගයීම් මත ලකුණුදීමේ ක්රමවේදය (EPS-Topik system) යටතේ පැවැත්වුණු පළමු කොරියානු භාෂා ප්රවීණතා විභාගය වූ මේ සඳහා අපේක්ෂකයන් 90.3% ක්සහභාගි වී ඇත. විභාගය සඳහා 22,353 දෙනෙකු අයදුම්පත්ර ලබාගෙන සිටි අතර, විභාගය සඳහා අපේක්ෂකයන් 20,187 දෙනෙකු මුහුණදී ඇත.