ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව විමසීම සඳහා පත් කරනු ලැබූ මැක්ස්වෙල් පරණගම සහ නිශ්ශංක උදලාගම කොමිසන් සභා වාර්තා ප්‍රසිද්ධියට පත් කරන ලෙස කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විවෘත ආයාචනයක් යොමු කරන එම සංවිධාන පවසන්නේ, ශ්‍රී ලංකා රජය ගෙවීගිය සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සැබෑ වගවීමේ වැඩපිළිවෙලකට ප්රවිශ්ඨ වන්නේ නම්, එහි මුලික පියවර විය යුත්තේ ‘පරණගම සහ උදලාගම‘ කොමිසන් සභා වාර්තා, අතුරු වාර්තා සියල්ල ප්‍රසිද්ධියට පත් කිරීම බවයි.