ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (09දා) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්ව තිබේ. එහිදී මේ වන විට පුරප්පාඩු වී ඇති කොමිෂන් සභා තනතුරු සඳහා නාම නිර්දේශය කිරීමට කටයුතු කර තිබේ.
ජාතික පොලිස් කොමිසමේ පුරප්පාඩු වී පවතින සභාපති ධුරය සඳහා හා රාජ්‍ය සේවා කොමිසන් සභාවේ පුරප්පාඩු වී පවතින සාමාජික ධුරය සඳහා වන නාම් මෙසේ නිර්දේශ කරමින් එය ජනපතිවරයාට යොමු කර තිබේ.
එසේම ස්වාධින කොමිෂන් සභා සඳහා ස්ථීර කාර්යාල පහසුකම් සලසා දීම පිළිබඳවද අවශ්‍ය පහසුකම් ලබාදීමට බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික පාඨලී චම්පික රණවක මහතාගේ අවධානය යොමු කළ බව කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.