පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළට ලංසු තැබීම සඳහා රුපියල් මිලියන 708ක රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මුදල් යොදාගනිමින් 'CWG හම්බන්තොට 2018 (ප්‍රයිවෙට්) ලිමිටඩ්' නමින් ජංගම ගිණුමක් සහ රුපියල් මිලියන 11 ක් යොදවා ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන ගොස් ඇති බවට ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය විය.
එසේ වුවද එම ගිණුමෙහි මේවනවිට ශේෂයක් ඉතිරිව නොමැති බවත්,මෙම ගිණුම 2010.11.24 වැනි දින ආරම්භකර ඇති අතර, සමාගමේ උපදෙස් මත 2015.05.29 වැනි දින එය වසා ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. එමෙන්ම 2012.06.06 වැනි දින රුපියල් මිලියන 11 ක් සඳහා ස්ථාවර ගිණුමක් ආරම්භකර ඇතත්, එයද පවත්වාගෙන ගොස් ඇත්තේ දින 07 ක් පමණක් බවද ඔහු කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා ඊයේ(21දා) පාර්ලිමේන්තුවේදී මේබව කීවේය.
රාජ්‍ය මට්ටමින් හෝ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු වුවදපෞද්ගලික ආයතනයක නමින් මෙම ගිණුම ආරම්භකර ඇති අතර, එහි මුදල් වියදම් කළ ආකාරය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම මුදල් ලබාගත්තේ කවුරුන්ද, එම මුදල් භාවිත කළේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීම සඳහා ජනාධිපති කොමිසමක් පිහිටුවිය යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම ගිණුම සඳහා ජනාධිපති අරමුදල රුපියල් මිලියන 45 ක්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම අවස්ථා දෙකකදී රුපියල් මිලියන 17 ක්, මොබිටෙල් පෞද්ගලික සමාගම රුපියල් මිලියන 05 ක්, නාවික හමුදා ක්‍රීඩා අරමුදල රුපියල් මිලියන07 ක්, පීපල් මර්චන්ට් පීඑල්සී සමාගම රුපියල් මිලියන 05 ක්, ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියන 110 ක්, අපනයන සංවර්ධන මණ්ඩලය රුපියල් මිලියන 08 ක් සහ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් 89,899 ක් ලෙස රුපියල් මිලියන 190 ක් (190,387,249 ) මුදලක් තැන්පත් කර තිබේ.
පෞද්ගලික අංශ ලෙස පර්පෙචුවල් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම විසින් රුපියල් මිලියන 15 ක්, ලංකා ඔරික්ස් ලීසීං සමාගම රුපියල් මිලියන 10 ක්, බ්‍රවුන්ස් සමාගම රුපියල් මිලියන 10 ක්, ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 05 ක්, කාගිල්ස් සමාගම රුපියල් මිලියන 15 ක් ආදී ලෙස පෞද්ගලික ආයතන 31 ක් විසින් රුපියල් මිලියන 282 ක් (282,536,246) මුදල් මෙම ගිණුමට තැන්පත් කර තිබෙන බවද අමාත්‍යවරයා ලේඛන ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
එමෙන්ම චෙක්පතු තැන්පත් ලෙස රුපියල් මිලියන 107 ක් (107,019,387) සහ විවිධ පුද්ගලයන් විසින් සහ නම සඳහන් නොවන තැන්පත්කරුවන් විසින් රුපියල් මිලියන 93 ක මුදල් (93,621,500) මෙම ගිණුමෙහි තැන්පත් කර ඇති බවද කබීර් හෂීම් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසීය.
සමස්තයක් ලෙස රුපියල් මිලියන 708 ක මුදලක් මෙම ගිණුමෙහි තැන්පත්කර තිබුණද එම මුදල් කිසිවක් වියදම් වූ ආකාරයක් පිළිබ තොරතුරු නොමැති බැවින් මේ පිළිබඳ ජනාධිපති කොමිසමක් යොදවා සොයාබැලිය යුතු බවදඅමාත්‍යවරයා සඳහන් කළේය.