මිට සති කිහිපයකට ඉහතදි මැලේසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් එල්.ටි.ටි.ඊ. සැකකරුවන් තිදෙනා මැලේසියානු බලධාරින් විසින් ශ්රී ලංකාවට භාරදි තිබේ. කොටි සංවිධානයේ ඉහළ පෙළේ නායකයින් තිදෙනෙක් වන මෙම සැකකරුවන්ගෙන් ත්රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ප්රශ්න කරමින් තිබේ.
හිටපු ජනපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට කොළඹදී එල්ලවූ බෝම්බ ප්රහාරය සඳහා වගකිවයුතු සැකකරුද මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටියි.
මැලේසියාවේ සිට ක්රියාත්මක වෙමින් ශ්රී ලංකාව තුළ ත්රස්තවාදී ප්රහාර එල්ල කිරිම සඳහා මොවුන් කටයුතු කරමින් සිටි බව මීට ඉහතදී අණාවරණය විය.