කැනඩාවේ සිට ක්‍රියාත්මක වන කොටි හිතවාදී ඩයස් පෝරා සංවිධානයක් වන දමිල තරුණ සංවිධානය (The Tamil Youth Organization) එරට විදේශ කටයුතු අමාත්‍ය ජෝන් බෙයාර්ඩ්ට සිය ස්තුතිය ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව විසින් කොටි හිතවාදී පුද්ගලයන් මෙන්ම කොටි හිතවාදී සංවිධාන තහනම් කිරීමට ගත් තීරණය කැනඩාවට අදාළ නොවන බවට ප්‍රකාශ කිරීමෙන් කැනඩා විදේශ අමාත්‍යවරයා මෙසේ කොටි හිතවාදීනගේ පැසසුමට ලක්ව තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික හා දේශපාලනික සම්බාධක පැනවීමට ද කටයුතු කරන ලෙස එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.