20වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ නම් කොට්ඨාස ක්‍රමය යටතේ තෝරාගන්නා මන්ත්‍රී සංඛ්‍යාව 125 ට වඩා වැඩි කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.
එම සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ (09දා) පැවති අතර, එහිදී මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර තිබේ. එහිදී සාකච්ඡා වූ කරුණු අනුව සන්ධානයේ යෝජනාව ඇතුළත් සංශෝධන ජනාධිපතිවරයා වෙත ඉදිරියේදී ලබාදීමට නියමිතය.
පෙරේදා (08දා) පැවති කැබිනට් රැස්වීමේදී මන්ත්‍රීවරුන් 125ක් කොට්ඨාස ක්‍රමයටද, 75 ක් දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමයටද, 25ක් ජාතික ලැයිස්තු ක්‍රමයටද පත්කිරීමට අනුමැතිය ලැබිණි. ඒ සඳහා නව නීති කෙටුම්පත ලබන සිකුරාදාට (12දා) පෙර සකස් කිරීමට අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
මේ අතර නව තත්ත්වය පිළිබඳව 'අද'කළ විමසීමකදී ආණ්ඩුපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ මන්ත්‍රී සංඛ්‍යාව 225ක් වන රාමුව තුළ දී යම් වෙනස් කමක් සිදුකිරීමට අවශ්‍යනම් අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ප්‍රජාතන්ත්‍රවාදීව ඊට ඉඩකඩක් පවතින බවය.
එහෙත් කැබිනට් මණ්ඩලය සියලු මන්ත්‍රීන්ගේ සංඛ්‍යාව 225ක් විය යුතු බවට අනුමත කර තිබෙන නිසාත් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයත් එය නිසා මන්ත්‍රී ආසන ගණන 225 නොඉක්මන සේ සිදුවන්නා වූ සංශෝධන පිළිබඳව සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට හැකියාව පවතින බවය.
එහෙත් මන්ත්‍රී සංඛ්‍යාව 225 ඉක්මවන තීන්දුවකට තම පක්ෂය එකඟ නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කැළුම් බණ්ඩාර/ඉන්දික හේවාවිතාරණ