කොළඹ කොටස් වෙළෙඳ පොළේ 30 වැනි සැමරුම් උත්සවය අද (02දා) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කොටස් වෙළෙඳ පොළ පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවි කරුණානායක, අමාත්‍යවරුන් වන එරාන් වික්‍රමරත්න, නිරෝෂන් පෙරේරා, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න, කොටස් වෙළෙඳ පොළ සභාපති වජිර කුලතිලක හා ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් යන මහත්වරු සහභාගි වූහ.
මෙහිදී, අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ 6.5% ඉක්මවන ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි. එය ඉදිරි වසරවල 8% ක හෝ 9% ක උපරිමයකට යා හැකි බවද හෙතෙම විශ්වාස කළේය. එය අමාරු කාර්යයක් වුවත්, කළ හැකි කාර්යයක් බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව, 2030 වනවිට ඉහළ ආදායම් ලබන රටක් බවට ශ්‍රී ලංකාව පත්කළ හැකි බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.