ගම්පහ දිවුලපිටිය කොටදෙණියාව ප්‍ර‘දේශයේදි අතුරුදහන්ව සිටි වයස අවුරුදු හතර හමාරක් වයසැති කුඩා දැරියගේ මළ සිරුර පොලීසිය විසින් සොයාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අකරන්ගහ පන්සල පිටුපස පෙදේශයේ තිබී සිරුර සොයාගෙන තිබෙන බවත්, අදාළ සිදුවීම පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද එම කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේය.
සිය මිත්තනිය සමග නිදාසිටි සේයා සදෙව්මිනි දැරිය ඊයේ (12දා) රාත්‍රි‘යේ සිට අතුරුදහන්ව සිටි බවට පොලීසියට ලැබුණු තොරතුරු මත නිල සුනඛයින්ගේද සහය ඇතිව පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබිණි.