සීනි කන්ටේනරයක් තුළ කොකෙන් කිලෝ 218.6ක් ශ්‍රී ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලැබී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් 7 දෙනා ඊයේ (20දා) සවස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී ඇත. එළැඹෙන 26 දා තෙක් ඔවුන් රඳවා තබා ගැනෙනු ඇත.