එල්.ටී.ටී.ඊ. හිටපු ජාත්‍යන්තර නායක කුමාරන් පද්මනාදන් නොහොත් කේ.පී. තවදුරටත් ශ්‍රී ලංකාවේ රැදී සිටින බව 'අද'ට වාර්තා වෙයි.
බුද්ධි අංශ නිලධාරින් සමග කේ.පී. ශ්‍රී ලංකාවෙන් පිටවූ බවට ඇතැම් මාධ්‍ය තොරතුරු වාර්තා කළ අතර ඒ සම්බන්ධයෙන් 'අද' කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ ඔහු තවමත් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවයි.
මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා 'අද' විශේෂ වාර්තාකරු කේ.පී. ගේ පෞද්ගලික දුරකතන අංකයට කතා කළ අතර ඔහු මේ වන විට (රාත්‍රී 10.00) කිලිනොච්චියේ රැදී සිටින බවට 'අද' ට තහවුරු කළේය.