කෙසෙල්වත්ත ප්රදේශයේදී අද (07දා) අලුයම සොයාගත් පුද්ගල හිස කොටස මුල්ලේරියාවේ පදිංචිව සිටි පණ්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලී යන පුද්ගලයාගේ බවට මේ වන විට සිදුකර ඇති විමර්ශන වලින් හෙළිව ඇතැයි පොලීසිය පවසයි.
ඒ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය හා කෙසෙල්වත්ත පොලීසිය පරීක්ෂණය පවත්වයි. 2018/02/16 දා කෙසෙල්වත්ත ප්රදේශයේදී අබ්දුල් රහීම් මොහොමඩ් රිස්ඛාන් යන අය ඝාතනය කිරිමට අදාළ සිද්ධිය හා මෙම හිස කොටස හමුවීම අතර සම්බන්ධයක් ඇතැයිද පොලීසිය පවසයි.
එසේම මෙය සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්රථිඵලයක් ලෙස හඳුනාගත හැකි බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.