කෙසෙල් කොළ පදම් කර කල් තබා ගැනීමට නව ක්‍රමයක්
කෙසෙල් කොල පදම් කර කල් තබාගෙන ප්‍රයෝජනයට ගැනීමේ නව ක්‍රමයක් සොයා ගැනීමට වැලිගත්ත ග්‍රාමීය තාක්ෂණ විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුජාතා වීරසිංහ මහත්මිය සමත්ව තිබේ.
රජය විසින් ලන්ච් සීට් භාවිතය තහනම් කිරීමට ගත් තීරණයත් සමග කෙසෙල් කොල වලට ඉල්ලුමක් ඇතිවන හෙයින් එය කල් තබාගෙන ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් ඇති බවට සිදුකළ අත්හදා බැලීම්වලින් සනාථ වී ඇතැයිද ඒ මහත්මිය පැවසුවාය
කෙසෙල් කොළ පදම් කර කල් තබාගැනීමෙන් ප්‍රයෝජනයට ගත හැකි තාක්ෂණයක් ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය තරම් මේ රටේ කෙසෙල් කොල තිබෙන බවද වීරසිංහ මහත්මිය සඳහන් කළාය.
මේ සඳහා හම්බන්තොට ග්‍රාමීය තාක්ෂණ විද්‍යා ආයතනයෙන් නොමිලේ අවශ්‍ය ඕනෑම අයෙකුට පුහුණුව ලබාදීමට හැකි බවද ඇය පවසා සිටියාය.
මෙය ස්වංරැකියාවක් හෝ මහා පරිමාණයෙන් වුවද කිරිමට හැකියාවක් තිබෙන හෙයින් අවශ්‍ය තරම් කෙසෙල් කොල හම්බන්තොට, මොනරාගල, ඇඹිලිපිටිය, උඩවලව යන ප්‍රදේශවල තිබෙන බවද වීරසිංහ මහත්මිය සඳහන් කළාය.
මීට පෙර කෙසෙල් කොල භාවිත කළද එය ගින්නෙන් තවා ගැනීමේදී සිදුවන අපහසුතාව හා ලන්ච් සිට් පහසු වීම නිසා ජනතාව කෙසෙල් කොලයෙන් කෑම එතිමට කැමැත්තක් නොදැක්වූ බවද ලන්ච් සීට් තහනම සමග මෙරට මෙම විකල්ප ආදේශකය භාවිත කිරීමට හැකි බවද සුජාතා වීරසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
අම්බලන්තොට සනත් ගමගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

