යාල වන රක්ෂිතයෙන් කැපූ බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා කළුවර දැව තොගයක් ප්රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව ගෝනගංආර පොලීසිය පවසයි.
බුත්තල - කතරගම මාර්ගයේ අද (10දා) අලුයම කෙසෙල් කැන් තොගයක් ප්රවාහනය කළ කැබ් රථයක් පරීක්ෂා කර බැලීමේදී කෙසෙල් කැන් යටින් සඟවා තිබූ මෙම කළුවර දැව තොගය සොයාගෙන තිබේ.