අනුරාධපුර දිස්ත්රික්කයට පවතින වැසි සහිත කාළගුණයත් සමඟ අනුරාධපුර නගරයේ පිහිටි කූඹිච්චන්කුලම වැව කැඩීයාමේ අවධානමකට ලක්ව තිබේ.
වැව කැඩීගියහොත් අනුරාධපුර නව නගරය යටවීමේ අවධානමක් පවතින බැවින් අනුරාධපුර නව නගරයට ඇතුළු වීමෙන් වළකින ලෙස අනුරාධපුර පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම අපදා තත්ත්වයන් නැරඹීමට නොපැමිණෙන ලෙසද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
එප්පාවල තිසර සමල්/ ඉන්දික සෙනෙවිරත්න