අධික කුලී පදනම මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට වාහන ලබාදීම අත්හිටුවා ඇති බව එජනිස මහලේකම්,අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අද(23)කෝට්ටේගොඩ කළපුව සංවර්ධනය කිරීම වෙනුවෙන් පැවති උත්සවකදී අමාතවරයා මේබව කීවේය. මන්ත්‍රීවරුන්ට සම්බන්ධීකරණ කටයුතු සඳහා වාහන ලබාදීම ඉකුත් රජය සමයේද සිදුවූ බවත්,ඒ අනුව ඉදිරියේදී මෙම මන්ත්‍රීවරුන්ටද වාහනයක් ලබාදෙනු ඇති නමුත් මූලාරම්භයේදී යෝජනා වූ පරිදි අධික කුලී පදනමක් මත වාහන ලබාදීමක් සිදුනොවනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.