කුලියාපිටිය ප්‍රදේශයේ ජාතිවාදී සිද්ධි ඇතිවී තිබෙන බවට විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (08දා) පැවසීය.
කුලියාපිටිය ප්‍රදේශයේ වෙළෙඳ සැල්වලට ගිනිතබා ඇතැයි වීරවංශ මහතා සිදු කර තිබෙන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, කොත්තු රොටී සකසන හෝටල් දෙකකට සුළු අලාභ හානි සිදුවී තිබෙන බවත් ඇමතිවරයා කීවේය.
පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ සම්බන්ධව පොලීසිය පරීක්ෂණයක් සිදුකරන බවයි.