වොක්ස්වැගන් හා අවුඩි මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවකට කුලියාපිටියේදී එළැඹෙන 03දා මුල්ගල තැබිමට නියමිතය. ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියථ ලබුයාය, මහනුගවත්ත ප්‍ර දේශයේදී ප.ව. 3.30ට මෝටර් රථ කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා මුල්ගල තබන බව අධ්‍යාපන අමාත්‍යාශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.