එ.ජා.ප පාක්ෂිකයන් දෙපිරිසක් අතර 2013 වර්ෂයේ මාතර දී ඇතිවූ ගැටුම සම්බන්ධ නඩුව අද (24දා) මාතර මහේස්ත්රාත් අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේ දෙපාර්ශ්වය සමථයකට පත්වීමට අකමැති වූ හෙයින් නඩුව ලබන දෙසැම්බර් 11 දක්වා කල් තැබීමට මාතර ප්රධාන මහේස්ත්රාත් යුරේෂා ද සිල්වා මෙනවිය නියෝග කළාය.
පසුගිය 2013 වර්ෂයේ එජාප මන්ත්රීවරුන් හා පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර නගරයේදී මෙම ගැටුම ඇතිවූ අතර, පසුව මංගල සමරවීර සහ මෛත්රී ගුණරත්න යන අය නඩු ති්රත්වයක් මගින් උසාවිය හමුවේ පෙනී සිටියහ.
ඒ අනුව අද දිනයේ මංගල සමරවීර පාර්ශ්වයෙන් හා මෛත්රී ගුණරත්න පාර්ශ්වයෙන් මෙම නඩු සමථයකට පත්කිරීමට කැමැත්ත පළකර තිබූ අතර, එහෙත් එම නඩු ති්රත්වය අතර වෙඩි තැබීමේ නඩුවක් පවතින බැවින් එම නඩුව හැර ඉතිරි නඩු සමථයකට පත්කිරීමට හැකි බව මාතර ප්රධාන මහේස්ත්රාත්වරිය සඳහන් කර ඇති අතර, එහෙත් එයට මෛත්රී පාර්ශ්වය අකමැත්ත ප්රකාශ කොට ඇති හෙයින් නඩුව දෙසැම්බර් 11දක්වා කල් තැබීමට මහේස්ත්රාත්වරිය නියෝග කර තිබේ.
මෙම නඩු විභාගය සඳහා එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක, මංගල සමරවීර, මෛත්රී ගුණරත්න ඇතුළු පිරිසක් සහභාගි වූහ.