පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ පළමු ප්රාදේශීය කාර්යාලය හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සිවුවැනි ප්රාදේශීය කාර්යාලය ඊයේ (12දා) කුරුණෑගලදී විවෘත කළේය.
කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ වෙලගෙදර ක්රීඩාංගණය ඉදිරිපිටදී මෙම කාර්යාල විවෘත කරනු ලැබුවේ වයඹ සංවර්ධන මහ ලේකම් කාර්යාලය තුළදීය.
මේ හරහා උතුර, නැගෙනහිර, වයඹ හා උතුරු මැද පළාත් හි ජනතාවට කොළඹට පැමිණීමෙන් තොරව අදාළ සේවා ලබාගැනීමට අවස්ථාව තිබේ.