කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ මහතාගේ නිවසට ඊයේ (04දා) රාත්රියේ මැර ප්රහාරයක් එල්ල වී තිබෙනවා. අවිගත් සිවු දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ මෙම අපරාධය සිදු කළ බව නගරාධිපතිවරයා පැවැසුවා.
නිවස ආසන්නයේ පිහිටි හෝටලයකටද මෙම කණ්ඩායම විසින් මැර ප්රහාරයක් එල්ල කර තිබෙනවා. සැකකරුවන් හඳුනාගත් බවත්, නගරයේ නීති විරෝධී ගණිකා හා ගබ්සා ජාවාරමට සම්බන්ධ පිරිසක් මෙම ප්රහාරය එල්ල කළ බවත් නගරාධිපතිවරයයා පැවැසුවා. එම ජාවාරම් සඳහා එරෙහිවීම මේ ප්රහාරයට හේතුව වන්නට ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවා.