කුරුණෑගල දිස්ත්රික්කයේ ඡනද පෙට්ටි ඡන්ද මධ්යස්තාන කරා රැගෙන යාම පැය තුනකින් පමණ ප්රමාද විය.
ඒ ලංගම රියදුරන් හා කොන්දොස්තරවරුන් ආරම්භකළ විරෝධතාවක් හේතුවෙනි.
අනෙකුත් මැතිවරණ රාජකාරී කටයුතු වල නිරත වන මැතිවරණ සේවයන්ට මෙන් තමන්ටත් ආහාර අදාළ අවස්ථාවේ ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව සිදුකෙරෙනි.
පසුව මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ මැදිහත්වීම මත ඔවුන්ට අදාළ අවස්ථාවේදීම ආහාර ලබාදීමට කටයුතු කිරීමත් සමග මැතිවරණ රාජකාරී ආරම්භ කරනු ලැබීය.
ඔවුන්ගේ ආහාර සඳහා වැය වන මුදල් දීමනාවක් ලෙස වැටුපට එක් කිරීමට විරෝධය දක්වමින් ලංගම සේවකයෝ විරෝධතාව ආරම්භ කළේය.