ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිට නීති විරෝධී අයුරිනි රුපියල් මිලියන 3.2ක් ගෙවීමේ චෝදනා යටතේ අල්ලස් හො දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවකට පෙනී සිටි හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර් වෙල්ගම මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.