කුමාර් ගුණරත්නම් 30දා දක්වා රිමාන්ඩ්
- 18 12 2015
- 16:04
- {{hitsCtrl.values.hits}} views
- . .
ආගන විගමන නීති රීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මධ්‍යම කාරක සබික කුමාර් ගුණරත්නම් මහතා අද දින (18) පස්වන වරට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලේය. වැඩ බලන මහේස්ත්‍රාත් මාලනී ජයවර්ධන මහත්මිය මෙම මස 30 වන දින දක්වා සැකකරු යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ අතර පැමිනිල්ල වෙනුවෙන් කෑගල්ල පොලීසිය ඉදිරිපත් වූ අතර විත්තිපාර්ශවය වෙනුවෙන් අජිත් කුමාර,රුක්මල් බංඩාර ඇතුළු නීතිඥවරු පෙනී සිටියහ. කුමාර් ගුණරත්නම් මහතා නොවැම්බර් මස 4 වන දින කෑගල්ල අගුරුවැල්ල ප්‍රදේශයේ දී කෑගල්ල පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙයි.
වසන්ත රෝහණ කෑගල්ල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
